සීල සුව හේරත් භික්ෂු ගිලන් අරණ

Image
සංකල්පයකින් යථාර්තයට

සීල සුව හේරත් භික්ෂු ගිලන් අරණ.

රෝගීව අසරණව සිටි ගිලන් භික්ෂුන් රැසක් අද සතුටින් ප්‍රතිකාර ලබන "සීල සුව හේරත් භික්ෂු ගිලන් අරණ" පුජ්‍ය සොලෙවැව චන්දසිරි හිමියන් විසින් ගිලන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඉදිකරගෙන යනු ලබන ගිලන් භික්ෂු මධ්‍යස්ථානයයි.

දැනටමත් පංචකර්ම ආයුර්වේද ප්‍රතිකාර ඒකකයක් සමග ආයුර්වේද පතිකාර අංශයත් , ගිලන් භික්ෂුන් හතලිස් නමකට නේවාසිකව ප්‍රතිකාර ලබා ගත හැකි වන පරිදි පහසුකම් වලින් යුතු කාමර 40 ක් ඇතුලත් තෙමහල් ගොඩ්නැගිල්ල , වෛද්‍යකාමර , ෆාමසිය , ෆිසියෝතෙරපි , ආදී අංශ ඇතුලත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ඒකකය දැනටමත් පහළොස් නමක් පමණ පතිකාර ලබන රොගී වයෝ වුර්ධ භික්ෂුන් හට වෛද්‍ය ප්‍රතිකාර සියල්ලම උන්වහන්සේට උපකාර කරන සැදැවතුන්ගේ ආධාර තුලින් නොමිලේ ලබා දේ.

ගිලන් භික්ෂුන්ට වෙන වෙනම රොගී තත්වය මත වෛද්‍යවරුන්ගේ සහ පෝෂණවේදීන්ගේ උපදෙස් මත පෝෂණීය සෞඛ්‍යදායි ආහාර දානය ලෙස පිලියල කරයි. රෝහල් පළපුරුද්ද ඇති සේවකයන් පස් දෙනෙක් දැනට වැටුප් ගෙවමින් දිවා රාත්‍රී දෙකේම ගිලන් භික්ෂු ප්‍රතිකාර සහ මෙම ආයතනයේ සේවය කරයි.

ස්වෙච්චාවෙන් පැමිණ පතිකාර කරන වෛද්‍යවරුන් ,අමතර ගෙවිම් කොට සේවය ලබා ගන්නා විශේෂ වෛද්‍යවරුන්ද සීල සුව හේරත් භික්ෂු ගිලන් අරණට සේවය සපයයි.

ගිලන් භික්ෂුන්ගේ වෛද්‍ය පරීක්ෂණ, ප්‍රතිකාර වියදම්, ශල්‍යකාර්ම වියදම් පමණක් නොව රොගී භික්ෂුන් අපවත් වූ විට ආදාහන කටයුතු පවා සෝලේවැව චන්දසිරි හිමියන් සිදුකරයි.

කායික ප්‍රතිකාර පමණක් නොව කය ගිලන් වුවද සිත රැක ගැනීම පිණිස මේ පිං බිමේදී ගිලන් භික්ෂුන් හට ධර්මය ශ්‍රවනය කිරිමට, භාවනා කිරිමට, බුද්ධ වන්දනා, ඖශධ පූජාවන් ආදී පින්කම් දිනපතා ගිලන් භික්ෂුන්ගේ ද සහභාගීත්වයෙන් සිදු කරයි.

අප සීල සුව හේරත් භික්ෂු ගිලන් අරණ ආරම්භ කොට වසරක් ගත වී ඇති අතර මේ වන විට අප ආයතනයේ ප්‍රතිකාර ලබා භික්ෂුන් 60 නමක් පමණ සුවය ලබා පිටත්ව ගොස් ඇත.

පුජ්‍ය සෝලේවැව චන්දසිරි හිමියන්ගේ සංකල්පයක් මත ගෞතම බුදු සසුන තුල උතුම් නිවන් අරමුණ කොට පැවිදිව වයො වුර්ධ ඉතා රෝගාතුරුව අසරණ වන භික්ෂුන් හට පිහිට පිළිසරණ පිණිස ඉදිකල මේ උතුම් පින්බිම ඔබට ද පිං අස්වනු නෙලා ගැනිමට පුන්‍ය තෝතැන්නකය.

වීඩියෝ

එකතුව

මේ මහඟු පුණ්‍යකර්මයන් සඳහා දායක වූ සැදැහැවත් ඔබගේ
පුණ්‍යානුමෝදනා හා සීලසුව හේරත් භික්ෂු ගිලන් අරණේ
අලුත් තොරතුරු දැනගැනීමට පිවිසෙන්න

පින්වත් ඔබටත්,
මේ සියලුම පුන්‍යකර්ම සඳහා
දායක වීමට අවස්ථාවක්

0775269530 / 0714367734

#
#